fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉරානයේ මිසයිල වරුසාවෙන් ඊශ්‍රායලයේ ලාංකිකයන්ට හානියක් නෑ

    ඉරානයේ මිසයිල වරුසාවෙන් ඊශ්‍රායලයේ ලාංකිකයන්ට හානියක් නෑ

    ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට හානියක් සිදුව නොමැති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

    ප්‍රහාර එල්ල වීමත් සමග වසා දැමුණු ටෙල් අවිව් ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිව අත්හිටුවා තිබූ අතර එම ගුවන්තොටුපළද යළි ගුවන් ගමන් සඳහා විවෘත කර ඇති බව ඔහු කියා සිටී.

    ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලය වෙත පැමිණීමට අපේක්ෂා කරන හා ඊශ්‍රායලයේ සිට ශ්‍රී ලංකාවට යාමට බලාපොරොත්තු වන ගුවන් මගීන් ගුවන්තොටුපලට යාමට පෙර තම ගමනට අවශ්‍ය ගුවන් යානය ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බලන ලෙස ද නිමල් බණ්ඩාර මහතා දන්වා සිටී.

    ‍ඉරානය විසින් ඊශ්‍රායලයට ඊයේ මිසයිල 204ක දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

    එහෙත් ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කළේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 51 වන වගන්තිය අනුව ආත්මාරක්ෂාව සදහා බව ඉරාන විදේශ අමාත්‍ය සෙයිඩ් අරග් චී ප්‍රකාශ කර තිබුණි.

    කෙසේ වෙතත් ඊශ්‍රායලය ප්‍රතිපහාර එල්ල කළහොත් ඉරානයේ ප්‍රතිචාර මීට වඩා දරුණු විය හැකි බවද ඔහු කියා සිටි.

    මේ අතර, ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය විශාල වැරද්දක් බවත්, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත්වනු ඇතැයි ද ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img