ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරව වලින් ඊශ්‍රායල ගුවන් හමුදාවට අයත් ගුවන් කඳවුරකට හානි සිදුව ඇති බවට අනාවරණය වේ.
ඒ අනුව දැනට ලොව භාවිතා වන උසස්ම තාක්ෂණයකින් යුත් F-35 ප්‍රහාරක යානාද මෙම ගුවන් කඳවුර තුල පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ප්‍රසිද්ධියට පත් කරන ලද චන්ද්‍රික ඡායාරූප වලට අනුව අදාල ගුවන් කඳවුරේ ගොඩනැගිලි වලට හානි සිදුව ඇති බව පෙන්නුම් කරයි.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් ඊශ්‍රායල ගුවන් හමුදාවට අයත් ගුවන් යානා වලට හානියක් සිදුව ඇත්දැයි තවමත් අනාවරණය නොවන අතර චන්ද්‍රිකා ඡායාරූප සම්බන්ධයෙන් ඊශ්‍රායල රජය මේවන තෙක් නිල ප්‍රකාශයක් නිකුත්කර නොමැත.
මෙම ගුවන් කඳවුරු තුල නවතා ඇති ගුවන් යානා ඊශ්‍රායලට යුදමය වශයෙන් ඉතාම වැදගත් වන අතර එම යානා හට රේඩාර් පද්ධති මඟහරිමින් සිය ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමටද හැකියාව පවතී.