අද වනවිට ජනතාව මත පැටවී ඇති බර ලිහිල් කිරීමට, රජයක් ලෙස විකල්ප විසඳුම් වෙනුවෙන් පෙනී සිටින බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් හමුවේ අවධාරණය කර තිබේ.
එසේ වුවද IMF අරමුණු සඳහා වූ රජයේ කැපවීම ද ජනාධිපතිවරයා නැවත තහවුරු කර සිටියේ අද එම නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවේදී ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ අරමුණු සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් රජයේ පුළුල් එකඟතාව යළි තහවුරු කරන අතරම, ජනතාව මත බර පැටවෙන විකල්ප මාර්ග ඔස්සේ මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.
සමාජ වියදම් පුළුල් කරමින් ඉහළ වැට් බද්ද සහ ආදායම් බදුවලින් පීඩා විඳින ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් වන මහාචාර්ය අනිල් ජයන්ත හා දුමින්ද හුලංගමුව යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිලධාරීන් පිරිසක්ද සහභාගී වු මෙම හමුවේ දි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මේ වන විට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සමාලෝචනයට ලක් කෙරිණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම මෙහිදී අගය කළ IMF නියෝජිතයන් ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කරන ලද විකල්ප ප්රවේශයන් පිළිබඳව සාකච්ඡා කිරීමට ද එකඟතාව පළ කළහ.
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වැඩසටහනේ තුන්වන සමාලෝචනය ආරම්භ කිරීම පිළිබඳව ද මෙහිදී දෙපාර්ශ්වයේම අවධානය යොමු කෙරුණි.
ඉදිරි මහ මැතිවරණය හේතුවෙන් යම් ප්‍රමාදයන් ඇති විය හැකි නමුත්, බාධාවකින් තොරව එම කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සහතික විය.