විස්සයි 20 කාන්තා ලෝක කුසලානය යටතේ අද (03) සාජා ක්රීඩාංගණයේ පැවති තරගයෙන් පකිස්ථානය හමුවේ ලකුණු 31ක පරාජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායමට සිදුවිය.
කාසියේ වාසිය දිනු පාකිස්ථාන කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදිමට තිරණය කළේය. ඒ අනුව නියමිත පන්දුවාර විස්ස අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 116 ලබා ගැනීමට පාකිස්ථාන කාන්තා කණ්ඩායම සමත්විය.
ජයග්රහණය හඹාගිය ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගෙන තරගයට අවතීර්ණවීමට නොහැකි විය.
තරගයේ වීරයා සම්මානය හිමිකරගත් ෆාතිමා සනා ලකුණු දහයට කඩුලු 2් බිඳ දැමු අතර පන්දු විස්සට ලකුණු 30ක් ලබාගනිමින් පකිස්ථානයට ජය මාවත විවර කළාය.
පාකිස්ථානය 116 (20)
ශ්රී ලංකාව 85/9 (20)