නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 25 කට සීමා වන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
මහමැතිවරණයෙන් පසුව පත්වන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරිය ලෙස වත්මන් අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත්වන බව හෙතම කියා සිටියේ ය.
මේ අතර ඉදිරි වසර සඳහා දෙසැම්බර් මාසයේදී අතුරු අයවැයක් ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා පවසයි.
ඒ අනුව ඉදිරියේදී රටේ බොහෝ වෙනස්කම් සිදුවනු ඇති බව හෙතම කියා සිටියේය.