ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව පලිගැනීමේ ප්‍රහාරයන් එල්ල කිරීමට ඇති සූදානම විස්තර කරනු ලබන රහසිගත බුද්ධි වාර්තාවන් දෙකක් ප්‍රසිද්ධියට පත්වීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව එරට මන්ත්‍රී මණ්ඩල කතා නායක මයික ජොනසන් ප්‍රකාශ කරයි.
ඔක්තෝබර් 15 හා 16 දින වල චන්ද්‍රිකා ඡායාරූප මත පදනම්ව ඊශ්‍රායල ගුවන් හමුදාව සහ නාවික හමුදාව සිය ප්‍රහාරයන් සැලසුම් කිරීම පිළිබඳ එක්සත් ජනපද අර්ථකථනය කරමින් මෙම ලේඛණ සකස් කර ඇති බවට අනාවරණය වේ.
මෙම වාර්තාවල අන්තර්ගත වූ තොරතුරු ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පැවති අතර එහිදී ඊශ්‍රායලයේ සැලසුම් ද තිබූ බවටද වාර්තාවේ.
ප්‍රස්ද්ධියට පත් පළමු ලේඛණය මගින් ඊශ්‍රායල ආරක්ෂක අංශ සිය ගුවන් හමුදාව යොදා ගනිමින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් බැලස්ටික් සහ ගුවනේ සිට භූමියට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වූ තොරතුරු ඇතුලත්ව තිබේ.
එමෙන්ම දෙවන ලේඛණය මගින් දඊශ්‍රායලය: ආරක්ෂක හමුදාවන් ප්‍රධාන යුධෝපකරණ සූදානම් කිරීම සහ රහසිගත නියමුවන් රහිත යානා යොදා ගනිමින් ප්‍රහර එල්ල කිරීම් සම්බන්ධයෙන් වූ තොරතුරු ඇතුලත් බවට අනාවරණය වේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පෙන්ටගනය විසින් තවමත් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවට වාර්තාවේ.