ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන විස්තීරණ ණය වැඩසටහන යටතේ මෙතෙක් ශ්‍රී ලංකාව ලබාගත් දුෂ්කර ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිසංස්කරණ ප්රයත්නයන් දිගටම කරගෙන යාමට බලධාරීන්ගේ කැපවීමෙන් දිරිමත් විය යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය පවසයි.
ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස සමඟ සාර්ථක සාකච්ඡාවක් පැවැත්වු බව ද ඇය කියාසිටී.
මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මෙරට නියෝජිත පිරිස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඇය මේ බව කියාසිටියේ ය.
ශ්‍රී ලංකාවේ ජනතාවට යහපත් අනාගතයක් ගොඩනැගීමට සහය දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කැපවී සිටීන බව ද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.