fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"රටේම ආරක්ෂාව සහතිකයි" -ජනපති

    “රටේම ආරක්ෂාව සහතිකයි” -ජනපති

    මෙරට සිටින සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

    ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ අද (24) පුත්තලමේ පැවැති ජන හමුවක් අමතමිනි.

    “අපි දන්නවා මේ වනවිට ලෝකයේ යම් යුද ගැටුමක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ යුද ගැටුමේ සුළඟ ලෝකයේ තැනින් තැනට හමමින් තිබෙනවා. එහි යම් අවදානම් ලංකාවටත් ඇවිත තියෙනවා. මීට සති දෙකකට පමණ පෙර අපිට වාර්තා වුණා ඇතිවී තිබෙන යුද ගැටුමේ යම් දෙයක් ලංකාවේ සිදුවිය හැකියි කියන එක. අපි අදාළ ස්ථානවල වේගයෙන් ආරක්ෂාව තහවුරු කළා. අපි බුද්ධි අංශ තොරතුරු එනකොට මාධ්‍ය සාකච්ඡා තියන්නේ නෑ. ඒ බුද්ධි අංශ තොරතුරු එනකොට අපේ වගකීම තමයි ඊට අනුරුපව කටයුතු කිරීම. අපේ වගකීම තමයි පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම.

    අපි අදාළ ප්‍රදේශවල වේගයෙන් ආරක්ෂාව තහවුුරු කරන්න කටයුතු කළා. ඒ විතරක් නෙමෙයි බුද්ධි අංශ තොරතුරු මත වේගයෙන් කටයුතු කළා, ඒ සඳහා සැකයට තුඩු දෙන කීප දෙනෙක්ව අත්අඩංගුවට ගන්නත් අපි කටයුතු කලා. අපි අද කියන්න කැමතියි ලංකාවේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව අපි සහතික කරලා තියනවා.”

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img