ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 63.4%ක් බව දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ඩබ්ලිව්.ඒ.ධර්මසිරි පවසයි.
අද පෙරවරු 07 ට ආරම්භ වූ අදාළ ඡන්ද විමසීම පස්වරු 04ට අවසන් විය.
ඡන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ වී තිබේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබූ මුලු ඡන්දදායකයින් සංඛ්‍යාව 55,643 කි.
ප්‍රකාශිත මුලු ඡන්ද සංඛ්‍යාව 35,255 ක් බව සඳහන් වේ.