මැක්ඩොනල්ඩ්ස් කෝපරේෂන් සහ ඉන්ටර්නැෂනල් රෙස්ටුරන්ට් සිස්ටම්ස් (පෞද්ගලික) ලිමිටඩ් ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ බලයලත් සබඳතාව නිල වශයෙන් අවසන් කිරීමට අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වී තිබේ.
ඒ පිළිබඳ වන නීතිමය විසඳුමකට සමාගම් දෙපාර්ශ්වයම එකඟ වූ බව ද වාර්තා වේ.
මීට පෙර මෙරට තුළ එහි ශාඛාවල මෙහෙයුම් කටයුතු අවසන් කර තිබුණි.
ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින්, McDonald’s Corporation සහ International Restaurant Systems (Pvt) Ltd, ඔවුන්ගේ හවුල්කාරිත්වය පුරාවට ඔවුන් දැක්වූ සහයෝගයට මහජනතාවට කෘතඥතාව පළ කළහ.
මීට පෙර මේ සම්බන්ධයෙන් මාධ්‍යවල පැතිර ගිය කටකතා නොසලකා හරින ලෙසද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.