fbpx
තවත්
    මුල් පිටුවspecialඉරානයට කළ ප්‍රහාර නිසා ගුවන්ගමන් නවතී -ඊශ්‍රායලයට යන එන ලාංකිකයන්ට පණිවිඩයක්

    ඉරානයට කළ ප්‍රහාර නිසා ගුවන්ගමන් නවතී -ඊශ්‍රායලයට යන එන ලාංකිකයන්ට පණිවිඩයක්

    දැනට නිවාඩුව සඳහා ශ්‍රී ලංකාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයට ඇතුල්වීම වෙනුවෙන් නිකුත් කොට ඇති (RE-ENTRY) වීසා බලපත්‍රවල කාලය ඉකුත්වීමට දින දෙකකට හෝ තුනකට පෙර ඊශ්‍රායලයට පැමිණෙන මෙන් එරට සිටින ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

    ඊශ්‍රායලය විසින් ඉරානය වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපයේ ගුවන් යානා ගණනාවක් තම ගමන්වාර අවලංගු කොට තිබේ.

    ඒ අනුව FLY- DUBAI ගුවන් ගමන් ගණනාවක් ඩුබායි සිට ටෙල්අවිව් දක්වා ගමන් වාර අද දින අත්හිටුවා ඇත.

    එබැවින් ලාංකිකයන් එලෙස කටයුතු කළහොත් යම් හෙයකින් තම ගුවන් යානය අවලංගු වුවද තම විසා කාලය අවලංගු වීමට පෙර ඊළඟ දිනයේ දී හෝ ඊශ්‍රායලයට පැමිණීමට හැකි බව ඔහු පෙන්වා දෙයි.

    එසේම ශ්‍රී ලංකාව බලා යාමට අපේක්ෂා කරන පිරිසද තම (RE-ENTRY) විසා බලපත්‍රය ලබානොගෙන රටින් පිට නොවන ලෙස ඉල්ලා සිටි.

    පසුගිය සති කීපය තුල ඊශ්‍රායලයේ පවතී දීර්ඝ නිවාඩු හේතුවෙන් විසා නිකුත් කිරීමේ ප්‍රමාදයක් පවතින බව ද හෙතෙම සිහිපත් කරයි.

    පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකාව බලා පිටත්ව යන හා ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලය දක්වා පැමිණෙන පිරිස තම ගමනාන්තය දක්වා ගුවන් යානා ක්‍රියාත්මක වන්නේ ද යන්න විමසිලිමත් වන ලෙස ද තානාපතිවරයා ඉල්ලා සිටි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img