ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදා හැරීමේ කටයුතු අද (27) සිට ආරම්භ කෙරේ.
තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ නොවැම්බර් මස 07 වනදා දක්වා නිවෙස් වෙත ගොස් නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදීමේ කටයුතු සිදුකරන බවයි.
කොළඹ දිස්ත්රික්කයේ නිල දැන්වීම් පත්රිකා මෙතෙක් ලැබී නොමැති බැවින් අද දිනයේදී එම දිස්ත්රික්කයේ බෙදාහැරීම් සිදු නොවේ.
එලැඹෙන නොවැම්බර් 03 වැනි ඉරිදා දින විශේෂ බෙදීම් දිනයක් ලෙස නම් කර පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදා හැරීමට ද පියවර ගන්නා බවත් තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.