පුද්ගලික බැංකුවකට උකස්කරන ලද සීගිරියේ පිහිටි ඉඩමක් රුපියල් ලක්ෂ 280කට විකුණූ ව්‍යාපාරිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණීජ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අක්කර 01යි පර්චස් 02ක් විශාල ඉඩමක් මෙසේ බැංකුවට උකස්කර තිබියදී ව්‍යාජ ලේඛන මගින් අලෙවිකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මාවතගම වෑ උඩ පදිංචි අවුරුදු 55ක් වයසැති ව්‍යාපාරිකයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.