මැණික් ව්‍යාපාරිකුගේ රත්නපුර මාරපන පිහිටි නිවසකට වෙඩි තැබූ පුද්ගලයෙක් සොයා රත්නපුර පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇත.
නිවසේ ඉදිරිපස දොරට වෙඩි තබා ඇති බවත් පතොරම් තුවක්කුවක් වෙඩි තැබීමට යොදාගෙන ඇති බව පෙනී යන බවත් රත්නපුර පොලීසිය සඳහන් කරයි.
වෙඩි තැබූ ස්ථානයේ තිබී මූනිස්සම් කැට 114ක් හා පතොරම් තුවස්කුවකින් ඉවතට විසිවූ ප්ලාස්ටික් කොටසක් හමුවූ බවද එම නිලධාරියා පැවසීය.
නිවෙස් හිමි මැණික් ව්‍යාපාරිකයා වයස අවුරුදු 35ක් වන අයෙක් බව මෑතක සිට ඔහු දියණුවන තත්ත්වයක් පෙනෙන්නට ඇතැයිද පොලීසිය කියයි. දියුණුව ඉවසා ගැනීමට නොහැතිව මෙම ප්‍රහාරය එල්ලකලේදැයි සැකයක් ද පවතී.
මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී ප්‍රදේශයේ විදුලි විසන්ධි වී තිබී ඇති බවත් ඒ හේතුව නිසා මැණික් ව්‍යාපාරිකයාගේ නිවසේ ආරක්ෂක කැමරා පද්ධතිය ක්‍රීයාත්මකව තිබී නැති බවත් පොලීසිය සඳහන් කළේය.