fbpx
තවත්
    මුල් පිටුවspecialඊජිප්තුව ගාසා තීරයේ සටන් විරාමයක් යෝජනා කරයි

    ඊජිප්තුව ගාසා තීරයේ සටන් විරාමයක් යෝජනා කරයි

    ඊජිප්තුව විසින් ගාසා තීරයේ දින දෙකක සටන් විරාමයකට සහ හමාස් සංවිධානය භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සිව් දෙනෙකු හා ඊශ්‍රායල අත්අඩංගුවේ සිටින පලස්තීන සිරකරුවන් හවමුරු කරගැනීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

    මෙම දින දෙකක සටන් විරාමය ඊජිප්තු ජනාධිපතිවරයා විසින් ඉරිදා දිනයේදී ඉල්ලා සිටි අතර මෙම ඉල්ලීම ඊශ්‍රායල ප්‍රහාර වලින් පලන්තීනුවන් 45 දෙනෙකු මියයාමත් සමඟ ඉදිරිපත් විය.

    ඊජිප්තු නායක Abdel Fattah al-Sisi විසින් නිවේදනය කලේ, සී අයි ඒ සහ ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තුසේවාවන් හී අධ්‍යක්ෂවරුන් කටාර් හී සහභාගී වීමත් සමඟ වසරකට වැඩි කාලයක් පැවති විනාශකාරී යුද්ධය සමනය කිරීමේ උත්සාහයක් ලෙසයි.

    ඇල්ජීරියානු ජනාධිපති Abdelmadjid Tebboune සමඟ කයිරෝ නුවර පැවති මාධ්‍ය හමුවකදී ඊජිප්තු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ස්ථීර සටන් විරාමයකට එළඹීමට උත්සාහ කිරීමේ ක්‍රියාවලිය තුල තාවකාලික සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට දින 10 ක් ඇතුළත සාකච්ඡා නැවත ආරම්භ කළ යුතු බවයි.
    ඊශ්‍රායල පාර්ශවයෙන් හෝ හමාස් සංවිධානය වෙතින් මෙතෙක් ප්‍රතිචාරයක් නිකුත් වී නොමැත. කෙසේවෙතත් හමාස් සංවිධානය ගාසා තීරයේ හමුදා බලය සහ පාලන ආයතනයක් ලෙස අතුගා දමන තුරු යුද්ධය අවසන් කළ නොහැකි බව ඊශ්‍රායලය මීට පෙර පවසා තිබිණි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img