fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්අඳුරෙන් එළියට එන දීපවාලිය අදයි

    අඳුරෙන් එළියට එන දීපවාලිය අදයි

    අඳුරෙන් ආලෝකයට පැමිණීම මහත් භක්තියෙන් සමරන හින්දු බැතිමතුන්ගේ දීපවාලි උත්සවය අදට (31) යෙදී තිබේ.

    ක‍්‍රිෂ්ණා දෙවියන් විසින් නරකාසුර නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කිරීම සඳහා පහන් දල්වා හින්දු බැතිමත්හු දීපවාලි උත්සවය සමරති.

    අධර්මය පරදවා ධර්මය ජයගැනීම සංකේතවත් කරමින් මෙම පහන් දැල්වීම දීපවාලි දිනයේ සිදුකරනු ලබයි.

    දීපවාලි උත්සවය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කරන ලද සුබපැතුම් පණවිඩය පහතින්.

    දීපාවලි සුබපැතුම් පණිවිඩය

    අන්ධකාරයට එරෙහිව ආලෝකයේ ජයග්‍රහණය සංකේතවත් කරමින් ලොව පුරා හින්දු බැතිමත්තු මහත් භක්තියෙන් දීපාවලි උත්සවය සමරති.

    නිදහසින් පසු දශක ගණනාවක් පුරා අඳුරේ අත පත ගාමින් ආලෝකය සොයා පැමිණි ශ්‍රී ලාංකික ජනතාව මේ වන විට නැවුම් බලාපොරොත්තු හිස දරා සිටිති. මේ වනාහි වසර ගණනාවක ජනතා අපේක්ෂා ඵල දැරීමකි. මෙතෙක් කල් ශ්‍රී ලංකාව පාලනය කළ පාලකයන් විසින් යටපත් කරන ලද ජනතා අපේක්ෂා මල් ඵල ගැන්වෙන පුනරුද යුගය අපි දැන් ආරම්භ කර ඇත්තෙමු.

    දීපාවලි සැමරුමට පාදක වූ පුරාවෘත්ත කිහිපයක්ම පවතී. වසර 14ක වනවාසය අවසන් කර රාම රජු, සීතා හා ලක්ෂ්මනද කැටුව අයෝධ්‍යා පුරයට යළි පැමිණීම, විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් වූ ක්‍රිෂ්ණා නරකාසුර නමැති අසුරයා පරාජය කිරීම ආදිය ඒ අතර වේ. එම සිදුවීම් සිහිපත් කරමින් හින්දු බැතුමත්තු දීපාවලි උත්සවය සමරති.

    අවිද්‍යාවේ ගනඳුර පළවා හරින්නට හැකි වන්නේ විද්‍යාවේ ආලෝකයට පමණි. ප්‍රඥාවේ දීපාවලිය දල්වමින් ශ්‍රී ලාංකිකයන් ලෙස නව චින්තන පෙරළියක් සඳහා වූ මඟකට පිවිසීමට මෙවර දීපාවලි උත්සවය අගනා නිමිත්තක් කර ගනිමු යැ’යි මම සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

    සංස්කෘතික විවිධත්වයේ අලංකාරය අගයමින්, එකිනෙකා කෙරෙහි ගරුත්වය, පිළිගැනීම හා සහෝදරත්වයේ දෑත දිගු කරමු. බෙදා වෙන් කර දුර්වල කරන්නට තැත් කළ ශ්‍රී ලාංකික ජාතිය නොබෙදී සවිමත්ව සිට ගැනීමට කාලය පැමිණ ඇත. අසාධාරණය, වෙනස් කර සැලකීම්, ආන්තීකරණය, වෛරී ප්‍රකාශ හා ප්‍රචණ්ඩත්වය ආදිය මුලිනුපුටා දමමින් සමාජය අසම ජේදනය කරන, වරප්‍රසාද ලාභීන් හා වරප්‍රසාද අහිමි වූවන් නිර්මාණය කරන දේශපාලන සංස්කෘතියට නැවතුම් තිත තැබීමට අපි පෙරමුණ ගනිමු.

    එලෙස, සහකම්පනීය හා විචාරශීලී නව සංස්කෘතික පැවැත්මක් නිර්මාණය කර ගැනීම සඳහා සියලුම ජනතාවටද මම ආරාධනා කරමි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් පිළිබඳ අපගේ අපේක්ෂාව යථාවට නැඟීමට නම් මෙම සංස්කෘතික, දේශපාලනික හා ආකල්පීය පරිවර්තනය අත්‍යවශ්‍ය බව මෙම දීපාවලියේ දී මම අවධාරණය කරමි.

    දීපාවලි දිනයේ සෑම නිවසකම, නගර මුළුල්ලේම දැල්වෙන දහස් ගණනක පහන් ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත්සතන් තුළ සුහදත්වයේ හා ප්‍රඥාවේ ආලෝකය පැතිරේවා’යි ප්‍රාර්ථනය කරමින් සමස්ත ලෝකවාසී සහ ශ්‍රී ලාංකික හින්දු භක්තිකයන්ට දීපාවලි සැමරුම් දින ශුභාසිංසන එක් කරමි.

    අනුර කුමාර දිසානායක
    ජනාධිපති
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

    අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය විසින් නිකුත් කරන ලද දීපවාලි සුබපැතුම් පණිවිඩය පහතින්.

    ක්රිෂ්ණ දෙවියන් විසින් නරගාසුරන් නැමැති යක්ෂයා යටත් කර ගැනීම උත්කර්ෂවත් ලෙස සැමරීමට හින්දු බැතිමතුන් දීපාවලි දිනය සමරති.
    ශ්රී ලාංකීය හින්දු බැතිමතුන් තම නිවෙස්වල පහන් දල්වා මෙම උත්සවයේ ආලෝකය අපගේ නිවෙස් ආලෝකමත් කරනවා පමණක් නොව අපගේ හදවත් තුළ යුක්තිය, දයාව සහ සහයෝගීතාවය පිළිබඳ ගැඹුරු හැඟීමක් දල්වනු ලබයි. අඳුර පරදවා ආලෝකයේ ජයග්රහණය සමරන මෙම දීපාවලි දිනයේදී සමාජීය අසමානතාවයන්ට, අයුක්තියට සහ බැහැර කිරීමට එරෙහිව අඛණ්ඩ අරගලයන්හි නිරත වන සියලන්ටම අපේ ගෞරවය හිමිවිය යුතුය.
    සෑම කෙනෙකුට ම නිදහස, ගෞරවය සහ අයිතිවාසිකම අත්විඳිය හැකි ලෝකයක් ගොඩනැගීමට අප නැවත නැවතත් කැපවී ක්රියා කරන බව අවධාරණය කරමු.
    ’පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන අපගේ ප්රතිපත්තිය තුළින් අපේක්ෂා කරන පරිදි අපගේ සාමූහික ඉලක්කය වන්නේ කිසිවෙකු අත් නොහැරෙන බව සහතික කරමින් සියලු දෙනාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමයි.
    මෙම දීපාවලි දිනයේ එය සමරන සෑම අයෙකුගේ ම ජීවිතයට ආලෝකය, ප්රීතිය සහ නවතාවයන් ගෙන එනු ඇත. අද දීපාවලි උත්සවය සමරන ඔබ සැමට ඉතා ප්රීතිමත්, අර්ථවත් සහ සාමකාමී දීපාවලි උත්සවයක් වේවායි ප්රාර්ථනා කරමු!
    ආචාර්ය හරිනි අමරසූරිය.
    ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අග්රාමාත්
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img