ගරාජයක් තුළ සඟවා තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ලබන හත්වැනි දා තෙක් රිමාන්ඩ් භාරයට පත්කොට ඇත.
මහනුවරදී අත්අඩංගුවට පත් ලොහාන් රත්වත්තේ මහතා අද සවස(31) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය විජේසිංහ මහතා විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.
ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳට අයත් යැයි කියන නුගේගොඩ මිරිහාන ඇඹුල්දෙනියේ පිහිටි තෙමහල් නිවසක ගරාජයක් තුළ සඟවා තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධයෙන් කෙරෙන පොලිස් පරීක්ෂණවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබිණි.