නැගෙනහිර ස්පාඤ්ඤයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 158 දක්වා ඉහළ ගොස් ඇති අතර, දිවි ගලවාගත් පිරිස සොයා තවමත් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගංවතුරෙන් විපතට පත් පිරිස් මුදා ගැනීම සඳහා ස්පාඤ්ඤ රජය විසින් 1200කට අධික පිරිසක් යොදා ඇති අතර ලඟා වීමට අපහසු ප්‍රදේශ වල දිවිගලවාගත් පිරිස සොයා ගැනීම සඳහා ඩ්‍රෝන යානා යොදා ගැනීමටද පියවර ගෙන ඇත.
මෙම ගංවතුර තත්ත්වය මෑති ඉතිහාසයේ ස්පාඤ්ඤය අත්විඳි දරුණුතම ගංවතුර ආශ්‍රිත ව්‍යසනය වන අතර කාලගුණ විද්‍යාඥයින් පවසන්නේ මිනිසාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් හටගෙන ඇති දේශගුණික විපර්යාස මෙවැනි දරුණු කාලගුණික තත්ත්වයන්ට හේතුවක් වී ඇති බවයි.
2021 දී ජර්මනියේ අධික ගංවතුරෙන් පුද්ගලයින් 185 දෙනෙකු මිය ගියේය. ඊට පෙර 1970 දී රුමේනියාවේ 209 දෙනෙකු මිය ගිය අතර 1967 දී පෘතුගාලයේ ගංවතුර හේතුවෙන් 500 කට ආසන්න පිරිසක් මිය ගියහ.
කෙසේ වෙතත් ගතවූ දශක පහක කාලය තුළ යුරෝපයේ දරුණුතම කුණාටුව ආශ්‍රිත ව්‍යසනය බවට මෙය පත්විය හැකි බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.