ඇමරිකා එක්සත් ජනපදයේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ප්‍රබල මාධ්‍ය ජාලයක් වන සී.බී.එස් නාලිකාවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ.
හිටපු ජනාධපිතිවරයා මෙලෙස අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ අදාල නාලිකාව විසින් සිය ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපෙක්ෂිකා කමලා හැරිස්ගේ සහභාගී වූ සම්මුක සකාච්ඡාවක් අතරතුරුදී නොමඟ යවන කරුණු විකාශය කළ බවට චෝදනා කරමින්ය.
ඒ අනුව හිටපු ජනාධිපති ට්‍රම්ප් ටෙක්සාස් හි උතුරු දිස්ත්‍රික්කයේ ෆෙඩරල් උසාවියක් වෙත මෙම ගොනු කරන ලද පැමිණිල්ලේ දැක්වෙන්නේ, ගාසා තීරයේ ඊශ්‍රායලය සහ හමාස් අතර යුද්ධය පිළිබඳ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් හැරිස්ගේ එකිනෙකට වෙනස් ප්‍රතිචාර දෙකක් විකාශනය කළ බවයි.
මේ අතර හිටපු ජනාධිපති ට්‍රම්ප් විසින් සිදුකරණ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් අදාල අධිකරණ කටයුත්තට නිසි පියවර ගන්නා බවත් සී.බී.එස් පුවත්සේවය සඳහන් කරයි.
මෙම නඩුව ජූරි සභාවක් ඉදිරියේ විභාග කරනෙ ලෙසත් ඇමරිකානු ඩොලර් බිලියන 10 ක වන්දියක්ද ඉල්ලා සිටියි. හිටපු ජනාධිපතිවරයා නිරන්තරයෙන් මාධ්‍ය ආයතන වෙත චෝදනා එල්ල කරන අතර ඔහු විසින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනය ව්‍යාජ පුවත් ජනගත කරන බවටද නිරන්තරයෙන් ප්‍රකාශ කරනු ලබයි.