fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිස්ත්‍රික් 8කට නායයාමේ අනතුරු ඇඟවීම්

    දිස්ත්‍රික් 8කට නායයාමේ අනතුරු ඇඟවීම්

    පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) දිස්ත්‍රික්ක 8කට පූර්ව නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

    අද (02) පස්වරු 05 සිට හෙට (03) පස්වරු 05 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

    ඒ අනුව කළුතර, මහනුවර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට 02 මට්ටම යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

    කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත සහ යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, මාවනැල්ල, දෙහිඕවිට සහ කෑගල්ල, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ සහ රත්නපුර, ඇහැලියගොඩ, ඇලපාත, ගොඩකහ කුරුවිට, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ලයන ප්‍රදේශවලට පූර්ව නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

    මේ අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ සහ හල්දුම්මුල්ල, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල යන ප්‍රදේශවලට 01 මට්ටමේ පූර්ව නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img