ඊශ්‍රායලය විසින් පලස්තීනයට එල්ල කළ ප්‍රහාර වලින් මේවන විට පුද්ගලයින් හතලිස් තුන්දහසකට අධික පිරිසක් මරණයට පත්ව ඇති බවට අනාවරණය වේ.
ඉකුත් වසරේ ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ අතර මෙම කාලය තුලදී ඊශ්‍රායල ප්‍රහාර වලින් අද වන විට පුද්ගලයින් හතලිස් තුන්දහස් තුන්සිය හතලිස් එක් දෙනෙකු මරණයට පත්ව තවත් එක් ලක්ෂ දෙදහස් එකසිය පහක් තුවාල ලබා ඇති බව පලස්තීන සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.
මේ අතර ගතවූ පැය 24ක කාලය තුලදී පමණක් 27 දෙනෙකු මරණයට පත්ව ඇති අතර තවත් 86 දෙනෙකු තුවාල ලබා ඇති බවට වාර්තවේ.
කෙසේ වෙතත් ඊශ්‍රායල විසින් පෙරේදා එල්ල කළ ප්‍රහාරයකින් එකම ස්ථානය ළමුන් 50 දෙනෙකුට ජීවිත අහිමි වූ අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් ළමා ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරනු ලබන ජාත්‍යන්තර සංවිධානය වන සේව්ද චිල්රන් සංවිධානයේ ගාසා හි ප්‍රධානියා වශයෙන් කටයුතු කරනු ලබන රේචල් කමින්ස් සඳහන් කර සිටියේ ගාසා හී අති බිහිසුණු තත්ත්වයක් නිර්මාණය වි ඇති බවයි.
එමෙන්ම කිසිඳු දරුවකු කිසි දැකීමට නුසුදු දෑ සහ සිදුවීම් ගාසා හී දරුවන් නිරන්තරයෙන් අත් විඳන බවද ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ අතර ඊශ්‍රායල හමුදා සමඟ එක්ව ඊශ්‍රායල පදිංචිකරුවන් පිරිසක් පලස්තීනයේ රමල්ලාට ප්‍රදේශයට ඊසාන දෙසින් පිහිටි මුගයර් ගම්මානයේ පලස්තීන ගොවීන්ගේ ඔලිව් අස්වැන්න කොල්ලකෑමට ලක්කර ඇති බවද පලස්තීන වාර්තා සඳහන් කරයි.
ඒ අනුව ඊශ්‍රායල වැසියන් විශාල පිරිසක් මුගයර් ගම්මානයට කඩා වැදී ගම්වැසියන්ගේ ඔලිව් අස්වැන්න කෙල්ල කෑමට ලක්කර ඇති අතර පසුගිය කාලය පුරාම පලස්තීන වැසියන්ගේ ඔලිව් වාගවන් වෙත කඩා වැදී එහි අස්වැන්න සොරාගැනීමට ඊශ්‍රායල වැසියන් පියවර ගෙන ඇති බවටද වාර්තිවේ.