සිය සැමියා වූ ජනප්‍රිය රංගන ශිල්පී, දේශපාලනඥ විජය කුමාරතුංග මහතා දේශපාලන හේතූන් මත ඝාතනය කරන ලද අයුරින් තමන්වද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇත්දැයි සැකයක් පහළ වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් අඩු කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් යොමුකරමින් ඇය මේ බව කියාසිටී.
සෙසු විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවා ඇති නිලධාරීන් සියයට වැඩි ගණනින් සිටියදී, තමාට පමණක් 30ක් දක්වා අඩුකිරීමට තීරණය කළ නිර්ණායකය කුමක්දැයි ද ඇය ලිපිය මගින් විමසා තිබේ.
ඇය පෙන්වා දෙන්නේ විශ්‍රාමික ජනාධිපතිවරුන් අතරින් වැඩිම තර්ජන ඇත්තේ තමාට බවත් ඝාතන උත්සාහයකට ලක්ව තුවාල ලැබූ එකම ජනාධිපතිනිය තමන් බව ය.
විශ්‍රාම ගියද කෙසේ හෝ තමාව ඝාතනය කරන බවට කොටි සංවිධානය විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කර ඇති බුද්ධි වාර්තාවල පවා තිබියදී මෙලෙස ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණය අඩුකර ඇති බවටද ඇය චෝදනා කරයි.
ජනාධිපතිවරණ සමයේදී බලයට පැමිණියහොත් ප්‍රභූ ආරක්ෂක ලබාගන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ප්‍රකාශ කළ ද දැන් ඔවුන් සිය ගණනින් සමන්විත ආරක්ෂක බලමුළු සපයාගෙන ඇති බවද ඇය සිහිපත් කරයි.
එමෙන්ම එය, මෙරට ප්‍රභූවරුන්ට යම් ආරක්ෂාවක් තිබිය යුතු බව රජයේ පිළිගැනීමක් දැයි ඇය ප්‍රශ්න කරයි.
අදාළ ලිපිය පහතින් දැක්වේ.