fbpx
තවත්
    මුල් පිටුවspecialඇමරිකාවේ අනාගතය ගැන තීරණය අද

    ඇමරිකාවේ අනාගතය ගැන තීරණය අද

    ඇමරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා තොරාපත් කරගැනීමේ ජනාධිපතිවරණය අද දින පැවැත්වීමට නියමිතය.
    මැතිවරණයේදී ඩෙමොක්‍රටික් පක්ෂයේ අපෙක්ෂිකාව වශයෙන් උප ජනාධිතිනි කමලා හැරිස් ද රිපබ්ලිකන් පක්ෂයේ අපෙක්ෂක වශයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප ඉදිරිපත්ව ඇත.
    ඇමරිකානු ජනාධිතිවරණයෙන් හැරිස් ජයග්‍රහණය කළහොත්, ඇය ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ධුරය දිනාගත් පළමු කාන්තාව මෙන්ම පළමු ආසියානු ඇමරිකානු සම්භවයක් සහිත පළමු කළු ජාතික කාන්තාව බවට පත්වේ.

    එමෙන්ම ට්‍රම්ප් ජයග්‍රහණයක් ද ඓතිහාසික වනු ඇත. ඒ අනුව ඔහු ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් පසුව අඛණ්ඩව ජනාධිපති ධුර කාලයන් දෙකෙහි කටයුතු කළ ජනාධිපතිවරයා බවට පත්වනු ඇත. මීට අතිරේක දෙවතාවක් දෝෂාභියෝගයට ලක් වූ එකම ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසුව සහ සාපරාධී අපරාධ සම්බන්ධයෙන් වරදකරු වූ එකම හිටපු ජනාධිපතිවරයා වන්නේද ට්‍රම්ප්ය.
    මෙවර මැතිවරණය සඳහා ඡන්ද දායකයින් මිලියන 186කට අධික පිරිසක් ලියා පදිංචි වී ඇති අතර සෑම ඇමරිකානුවෙකුන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙකු ඡන්ද දායකයෙකු ලෙස සුදුසුකම් ලබා ඇත.
    මෙම පිරිසගෙන් සියයට 47ක්ම තමන් සහය දක්වන පක්ෂය සම්බන්ධයෙන් දැනුම් දී තිබීම විශේෂත්වයකි.
    ඇමරිකානුවන් හට ජනාධිපතිවරණයෙන් හුදෙක් ජනාධිතිවරයෙකු තොරාගැනීමෙන් ඔබ්බට යමින් ෆෙඩරල්, ප්‍රාන්ත සහ ප්‍රාදේශීය තනතුරු සඳහාද බලධාරීන් පත්කරගැනීමටද හැකියා උදාවේ.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img