සිය 15 හැවිරිදි දියණිය ට බස් රථයක් තුළදී දුරකථන අංකයක් දුන් තරුණයා යැයි වරදවා වටහාගෙන මවක් සහ පියෙක් එක්ව මගී බස් රථයක් තුළදී පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදී ඇතැයි ඉංගිරිය පොලීසිය සඳහන් කරයි.
මෙම සිදුවීම වී ඇත්තේ ලංගම බස් රථයක් තුළදී පසුගිය 03 වෙනිදා සවස් කාලයේදීය.
බස් රථයට ඉංගිරිය කොටිගල පාලම අසලින් ගොඩවූ එම මවත් පියාත් සිය 15 හැවිරිදි දියණියට දින කිහිපයකට පෙර දුරකථන අංකයක් ලබාදුන්නේ ඇයිදැයි විමසා පොලිස් නිලධාරියාට අතින් පයින් පහරදී ඇතැයි පොලීසිය කියයි.
පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර ඇති අතර ඔහු සී.සී.ටී.වී. කොට්ඨාශයේ සේවයේ නිරත තරුණ පොලිස් නිලධාරියෙක් බව පොලීසිය පවසයි.
පොලිස් නිලධාරියාට පහරදුන් මවත් පියාත් සැඟවී සිටින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බවත් පොලීසිය කියයි.