ලොව දැවයෙන් නිපදවූ පළමු චන්ද්‍රිකාව ඊයේ (5) දින අභ්‍යාවකාශගත කිරීමට ජපාන පර්යේෂකයින් පිරිසක් සමත් වූහ.
මෙම නව චන්ද්‍රිකාව අඟහරු ගවේෂණයේදී දැව යොදා ගැනීමට ඇති හැකියාව පරීක්ෂා කිරීමේ මූලික පරීක්ෂණයක් ලෙස අභ්‍යාවකාශ ගත කර තිබිණි.
ලිග්නෝසැට් නමින් නම් කර ඇති මෙම චන්ද්‍රිකාව ජපානයේ කියාතෝ විශ්ව විද්‍යාලයේ සහ හෝම්බිල්ඩර්ස් සුමිමොටෝ ෆොරස්ට්‍රි විසින් වැඩි දියුණ කරන ලද්දකි. ඒ අනුව මෙම චන්ද්‍රිකව ඊලෝන් මස්ක් හිමිකාරිත්වය දරන ස්පේස් එක්ස් සමාගමට අයත් රොකට්ටුමගින් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත පියාසර කෙරෙනු ඇත.
ඉන් අනතුරුව මෙම චන්ද්‍රිකාව පෘථිවියට කිලෝමීටර් 400ක් පමණ ඉහළින් කක්ෂයට මුදා හැරීමට සැලසුම්කර තිබේ.
දැව සඳහා යොදා ගනු ලබන ලතින් වචනය අනුසාරයේ මෙම චන්ද්‍රිකාව නම්කර ඇති අතර අත්ලක පමණ ප්‍රමාණයකින් යුත් ලිග්නෝසැට් මිනිසා අභ්‍යාවකාශයේ ජීවත්වීම ගවේෂණයේ නව පියවරක් ලෙස පුනර්ජනනීය ද්‍රව්‍ය යොදා ගැනීමේ ඇති විශ්වීය හැකියාව සොයා බැලීම මූලික අරමුණ වේ.
මිනිසාට පහසුවෙන්ම නිපදවිය හැකි ද්‍රව්‍යක් වන දැව සමඟින් මිනිසාට අභ්‍යාවකාශයේ ජීවත්වීමට අවශ්‍යවන නිවාස වැනි ඉදිකිරීම් කිරීමට අකාශය සලසා දෙනු ඇති බව කියෝතෝ විශ්ව විද්‍යාලයට සම්බන්ධ ගගනගාමියකු වන ටකාඕ ඩොයි සඳහන් කරයි.
සඳෙහි සහ අඟහරු ග්‍රහයා මත ගස් සිටුවීමේ සහ දැව නිවාස ඉදිකිරීමේ 50 වසරක සැලැස්මක් සමඟින්, ඩෝයි ප්‍රමුඛ කණ්ඩායම, දැව අභ්‍යවකාශ ගවේෂණ කටයුතු සඳහා යොදාගත හැකි ද්‍රව්‍යයක් බව සනාථ කිරීම සඳහා කලක පටන් පරියේෂණ කරනු ලබයි. එහි නවතම පියවර ලෙස මෙම දැව චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට ඔවුන් සමත්ව ඇත.
මේ අතර කියෝතෝ විශ්ව විද්‍යාලයේ වන විද්‍යාව පිළිබඳ මහාචාර්ය කෝජි මුරාටා පේනවා දෙන්නේ වර්ෂ 1900 මුල් භාගයේදී ගුවන් යානා දැව යොදා ගෙන නිෂ්පාදනය කළ බැවින් චන්ද්‍රික නිෂ්පාදනය කිරීමටද දැව යොදා ගැනීමේ හැකියාවක් පවතින බවයි.
එමෙන්ම පෘතිවයට වඩා වැඩි කාලයක් දැව අභ්‍යාවකාශයේ කල්පවතිනු ඇති බවත් ඊට මූලික හේතුව අභ්‍යාවකාශ තුල ජලය සහ ඔක්සිජින් නොමැති බීම බවද මාහාචාර්ය මුරාට වැඩිදුරටත් තර්ක කරනු ලබයි. එමනේම දැව යොදා ගැනීම මගින් චන්ද්‍රිකා මගින් ඇතිවන පාරිසරික බලපැම අවම කර ගැනීමට හැකියාව පවතින බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
අභ්‍යාවකාශයට ගිය පළමු ලී චන්ද්‍රිකාව
මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.