නෙදර්ලන්තයේ ඈම්ස්ටර්ඩෑම් හීදී ඊශ්‍රායාල පාපන්දු ලෝලීන් පිරිසකට එරට වීදි වලදී බරපතල ප්‍රහාර මාලාවක් එල්ල වී ඇත.
ප්‍රහාර මාලාවත් සමඟ නෙදර්ලන්ත කැරලි මර්ධන පොලිස් නිලධාරීන් යොදවා තත්ත්වය පාලනය කිරීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඊශ්‍රායලයේ පාපන්දු ක්‍රීඩා සමාජයක් වන Maccabi Tel Aviv යුරොපා තරඟාවලිය සඳහා නෙදලර් ලන්තයට පැමිණි අවස්ථාවේදී මෙම ප්‍රහාරය සිදුව ඇති අතර ප්‍රහාරයත් සමඟ ක්‍රිඩකයන් යලිත් ඊශ්‍රායලටය ගෙන්වා ගැනීමට ගුවන් යානා යෑවීමට පියවරගන්නා බවද ඊශ්‍රායල බලධාරීන් සඳහන් කරයි.
මෙම ප්‍රහාරයේදී ඊශ්‍රායල පාපන්දු ලෝලින් හට ගල් මුල් මෙන්ම රතිඤ්ඤා දල්වමින් ද ප්‍රහාර එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
මේ අතර ඇම්ස්ටර්ඩෑම් පොලිසිය සඳහන් කර ඇත්තේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් රාශියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පුද්ගලයින් 62 දෙනෙකු මේවන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙම ප්‍රහාර ජාතිවාදය මත පදනම්ව සිදු වූ පහර දීමක් බවට සැකකරන අතර පහරදීම සම්බන්ධයෙන් ඈම්ස්ටර්ඩෑම් හී නගරාධිපති සිය කණගාටුව පළකර ඇත.
නෙදර්ලන්තයේදි ඊශ්‍රායල පාපන්දු ලෝලින් පිරිසකට පහරදීමක්
මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.