දෙහිවල පිහිටි නිවසක් බිඳ රුපියල් දහනම ලක්ෂයකට අධික මුදල් හා විදුලි භාණ්ඩ සොරකමකට මාලිගාවත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු දෙහිවල පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සොරකම සම්බන්ධයෙන් මුලින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් හෙළිවූ තොරතුරු මත පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය සඳහන් කරයි.
මෙම පොලිස් කොස්තාපල්වරයා පසුගිය 01 වෙනිද සිට සේවය අතහැර ගිය නිලධරෙියකු ලෙස නම්කර සිට ඇතැයි මාලිගාවත්ත පොලිසිය කියයි.
මෙම කොස්තාපල් පොලිස් සේවයේ සිටියදීත් විවිධාකාරයේ සොරකම්වලට සම්බන්ධව සිට ඇති බවට තොරතුරු පොලිසියට ලැබී ඇත.
පොලිස් කොස්තාපල්වරයාගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළි වූ තොරතුරු මත රත්මලානේ පළමු පටුමගේ පිහිටි හිස් ඉඩමක මුර කුටියක් තුළ සඟවා තිබියදී සොරාගත් මෝටරයක් සොයාගත් බව දෙහිවල පොලිසිය සඳහන් කරයි.