fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කුලියාපිටිය OIC රක්ෂිත බන්ධනාගාරට

    කුලියාපිටිය OIC රක්ෂිත බන්ධනාගාරට

    අඔු සැමි යුවළක් අතර පැවැති ආරවුලක් කුලියාපිටිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ විභාග වෙමින් පැවතිය දී එම ස්ථානයට පැමිණ සැමියාට පහරදීීමක් සම්බන්ධයෙන් කුලියාපිටිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර ඉන්ද්‍රජිත්.මහතා ලබන විසි දෙවෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පෙනී සිටි අවස්ථාවේදී ඔහුව එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

    තමා ඉදිරියේ පොලිස් ස්ථානාධිපතිවරයා පුද්ගලයකුට පහර දුන් බව ළමා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනියද සටහනක් තබා තිබේ.ඒ අනුව මෙම පහරදීම සම්බන්ධයෙන් කුලියාපිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරීවරය⁣ා විමර්ශනයක් ආරම්භ කරන ලදී. එම විමර්ශනය ආරම්භ වීමත් සමඟ අසනීප බව සඳහන් කරමින් පොලිස් ස්ථානාධිපති වජිර ඉන්ද්‍රජිත් මහතා පොලිස් ස්ථානයෙන් පිටව ගොස් තිබුණි. සති දෙකක පමණ කාලයක් සිය දුරකථන පවා අක්‍රිය කරමින් සිටි ඔහු අධිකරණයට භාර වීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    අධිකරණයට ඉදිරිපත් වූ ඔහුට එරෙහිව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ සියලුම නීතිඥවරුන් පෙනී සිටීම විශේෂත්වයකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img