පකිස්ථානයේ බලුකිස්තාන් ප්‍රාන්තයේ දුම්රිය ස්ථානයක බෝම්බයක් පුපුරා යාමෙන් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් තවත් 40 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.
මෙලෙස බෝම්බය පුපුරාගොස් ඇත්තේ බලුකිස්තාන් ප්‍රන්තයේ ක්වේටා හී දුම්රිය ස්ථානයක වන අතර ප්‍රහාරයේ වගකීම් භාරගෙන ඇත්තේ එම ප්‍රාන්තයේ ක්‍රියාත්මක බලුකිස්තාන විමුක්ති හමුදාව ලොසින් හදුන්වා ගන්නා සන්නද්ධ කණ්ඩායමක් විසිනි.
පාකිස්තාන පොලිසිය සඳහන් කරන්නේ මෙම බෝම්බය මාරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ලෙසට සැකකෙරන බවයි. පසුගිය කාලය පුරාම මෙම සන්නද්ධ කණ්ඩායම විසින් බලුකිස්තාන ප්‍රාන්තය තුල ප්‍රහාර එල්ල කිරීම් සිදුකරනු ලැබීය.
මෙම කණ්ඩායම විසින් බලුකිස්ථානය පාකිස්තානයෙන් වෙන්ව ස්වාධීන රාජයක් බවට පත් කරන ලෙසට ඉල්ලා සිටින අතර ඔවුන් සිය අරමුණු ඉටු කරගැනීම සඳහා දශක ගණනාවක සිට සන්නද්ධ අරගලයක නිතරව සිටියි.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දකවමින් බලුකිස්තාන ප්‍රන්තයේ පොලිස්පති මොවුසාම් ජා අන්සාරි මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ දුම්රිය ස්ථානයේ කාර්යබහුල වේලාවකදී බොම්බය පුපුරා ගොස් ඇති බවත් එහි ඉලක්කය වී අතේ හමුදා සාමාජිකයින් බවත්ය.