fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්සමාජ මාධ්‍යයෙන් හඳුනාගෙන සම්බාහනයක් කර ග ැනීමට හම්බන්තොට සිට කොළඹ ආ වෛද්‍යවරයාට...

    සමාජ මාධ්‍යයෙන් හඳුනාගෙන සම්බාහනයක් කර ග ැනීමට හම්බන්තොට සිට කොළඹ ආ වෛද්‍යවරයාට වූ දේ

    සමාජ මාධ්‍ය ජාලයකින් සම්බන්ධ වූ පුද්ගලයකු මගින් සම්බාහනයක් කරගැනීමට බම්බලපිටියේ පිහිටි තට්ටු නිවාස සංකීර්ණයක නිවසකට පැමිණි හම්බන්තොට රෝහලේ සේවයේ නිරත වෛද්‍යවරයකු නිරුවත් කර වීඩියෝ ගත කර එම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදා හරින බවට තර්ජනය කරමින් රුපියල් ලක්ෂ දහයක මුදලක් මාර්ගගත ක්‍රමයට බැංකු ගිණුමකට බැර කරවා ගනිමින් සිදුකළ මුදල් කොල්ලකෑමක් සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

    වෛද්‍යවරයා පොලිසියට පවසා ඇත්තේ මෘදුකාංගය හරහා දැන හඳුනාගත් පුද්ගලයා තමාට යොමු කළ ලොකේෂන් ඔස්සේ පසුගිය අටවෙනිදා සවස බම්බලපිටියේ මහල් නිවාස සංකීර්ණයකට ගිය බවය. තමා එම නිවසට ගියේ මුදලට සම්බාහනයක් කර ගැනීම සඳහා බවද වෛද්‍යවරයා පොලිසියට පවසා ඇත. එහිදී එම නිවසේ සිටි පුද්ගලයන් සිව් දෙනෙක් තමාට පහරදී නිරුවත් කර වීඩියෝ ගත කළ බවත් එම වීඩියෝ අන්තර්ජාලයට මුදා නොහැර සිටීමට නම් මුදල් අවශ්‍ය බවට තර්ජනය කළ බවත් ඔහු පොලිසියට පවසා තිබේ. එහිදී තමාට කරගැනීමට කිසිවක් නොවූ තැන online ඔස්සේ තම බැංකු ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ දහයක මුදලක් ඔවුන් ලබාදුන් බැංකු ගිණුමකට හුවමාරු කළ බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයා විසින් කළ පැමිණිල්ලට අනුව විමර්ශන පැවැත්වීමේදී අනාවරණය වී ඇත්තේ බම්බලපිටියේ පිහිටි අදාල නිවස දින කිහිපයකට කුලියට ලබාගෙන මෙම කටයුත්ත සිදුකර ඇති බවය. මුදල් හුවමාරු කළ බැංකු ගිණුම් අංකය ඔස්සේ ඉදිරි විමර්ශන සිදුවන බව පොලිසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img