ශ්‍රී ලංකා පිළ සමඟ පැවති තරග දෙකකින් සමන්විත විස්සයි 20 තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කිරීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම ඊයේ (10) රාත්‍රිෙය් සමත්විය.
රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැති තරගය වර්ෂාව හේතුවෙන් මදක් ප්‍රමාද වී ආරම්භ විය.
පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 108 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නො සමත් වූහ. කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වනිඳු හසරංග ලකුණු 17කට කඩුලු 4ක් බිඳ දැමීය.
ජයග්‍රහණය හඹාගිය ශ්‍රී ලංකා පිළට පැතුම් නිශ්ශංක ලකුණු 52ක් එක් කළ අතර සෙසු පිතිකරුවෝ ජයග්‍රහණය ලබා ගැනීමට තරම් සාර්ථක පිතිකරණයක නිරත නොවුහ.
මේ නිසා පන්දුවාර 19.5 කදී සියලු දෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 103කි. පැතුම් නිශ්ශංකගේ ලකුණු 52කට අමතරව භානුක රාජපක්ෂ ලකුණු 15ක් හා මහීෂ් තීක්ෂණ ලකුණු 14ක් ලබා ගත්හ.
නවසීලන්තය 108 (19.3)
ශ්‍රී ලංකාව 103 (19.5)