ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ පැවති සාකච්ඡාවකදී යුක්රේන යුද්ධය උත්සන්න නොකරන ලෙස ට්‍රම්ප් සඳහන් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ට්‍රම්ප් සහ පුටින් මෑත දිනවල දිගින් දිගටම සාකච්ඡා කළවල නිරතව ඇති බවද රොයිටර් පුවත් සේවය අනාවරණය කරයි.
මේ අතර ජනාධිපති ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි
සමඟද සාකච්ඡා කර ඇත. එහිදී ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ යුක්රේනය සඳහා එක්සත් ජනපද විසින් ලබාදෙන යුද සහ මූල්‍ය ආධාරවල පරිමාණය විවේචනය කර ඇති බවත්, නිසි ක්‍රමවේදයක් සඳහන් නොකරමින් යුද්ධය ඉක්මනින් අවසන් කරන බවට ප්‍රතිඥා දී ඇති බවද ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.
යුක්රේනයේ විදේශ අමාත්‍යාංශය පැවසුවේ ට්‍රම්ප් සහ පුටින් අතර ඇමතුම පිළිබඳව කල්තියා දැනුම් නොදුන් බවත් පසුව එය අනුමත කිරීමට හෝ විරුද්ධ වීමට නොහැකි බවත්ය.
කෙසේවෙතත් ජෝබයිඩන් විසින් යුක්රේනය අතහැර නොදමන ලෙස ට්‍රම්ප් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවටද වාර්තා වේ.
ජනාධිපති බයිඩන් පාලන සමයේදී ඇමරිකානු ඩොලර් බිලියන සීයකට අධික යුද ආධාර යුක්රේනයට ලබාදී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇමරිකානු ජනතාවගේ දැඩි විරෝධයක් මතුව ඇත.