ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමේ, 2024 මහ මැතිවරණ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 196 ක් සඳහා අපේක්ෂකයන් මෙහිදී තෝරා ගැනේ.
අපේක්ෂකයින් 8361 දෙනෙකු මෙවර මහමැතිවරණයට තරග කරයි.
ඉතිරි ආසන 29 තෝරා පත්කර ගැනෙන්නේ ජාතික ලැයිස්තුව මගිනි.
2024 මහ මැතිවරණය සඳහා නව ඡන්දදායකයන් ලක්ෂ 9කට ආසන්න පිරිසක් ඇතුළත් ය.
සමස්ත ඡන්දදායකයන් මිලියන 17ක් සුදුසුකම් ලබා තිබේ.
මැතිවරණ පවැත්වෙන අද දිනයේ ආරක්ෂාව සඳහා පොලිස් හා හමුදා සාමාජිකයින් 90,000කට අධික පිරිසක් අනුයුක්ත කොට ඇත.
2022 වසරේදී රට දරුණු ආර්ථික අර්බුදයකට පසු මුහුණදීමෙන් පසු ඇති වු ආණ්ඩු විරෝධී ව්රෝධතා රැල්ලෙන් අනතුරුව පැවැත්වෙන පළමු මහ මැතිවරණය මෙයයි.