fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්ද පත්‍රිකාව ඉරූ ඡන්ද දායකයාට වූ දේ..

    ඡන්ද පත්‍රිකාව ඉරූ ඡන්ද දායකයාට වූ දේ..

    අක්මීමන හියාරේ මහ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්ද පත්‍රිකාවක් ඉරා දැමූ එම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි වියේ පසුවන්නෙක් අද අක්මීමන පොලීසිය අත්අඩංගුවට ගත්තේය.

    ජංගම දුරකථනයක් රැගෙන ඡන්ද මධ්‍යස්ථානයට මෙම පුද්ගලයා පැමිණ ඇතැයි පොලීසිය සඳහන් කරයි.

    දුරකථනය ඡන්ද මධස්ථානය තුළදී නාදවී ඇති බවත් එහිදී ඡන්ද මධස්ථානාධිපතිවරයා දුරකථනය පිටත තබා පැමිණෙන ලෙස කළ දැනුම්දිමට උරණව පත්‍රිකාව ඉරා දමා ඇති බවත් පොලීසිය කියයි.

    මේ සම්බන්ධයෙන් ඡන්ද මධස්ථානාධිපතිවරයා කළ දැනුම්දීමකට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img