fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිතපු තරම් ඡන්දෙ දාලා නැද්ද?

    හිතපු තරම් ඡන්දෙ දාලා නැද්ද?

    දසවැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරාගැනීමට අද පැවති මහමැතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ වී තිබේ.

    පළමු ඡන්ද ප්‍රතිඵලය අද (14) මධ්‍යම රාත්‍රීයට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

    අද පෙවරුවේ ආරම්භ වූ මහමැතිවරණයේ ඡන්දය සළකුණු කිරීම අද (14) පස්වරු 4.00 ට අවසන් විය.

    රටපුරා සමස්ත ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 65%ක් පමණ විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

    අද පැවැති 2024 මහමැතිවරණයේ ඡන්ද විමසීමේදී ඒ ඒ දිස්ත්‍රික්කවල ප්‍රකාශිතව තිබූ ඡන්ද ප්‍රතිශත පහත පරිදි වේ.

    කොළඹ – 65%
    නුවරඑළිය – 68%
    දිගාමඩුල්ල – 62%
    වන්නි – 65%
    කුරුණෑගල – 64%
    මඩකලපුව – 61%
    මාතර – 64%
    පුත්තලම – 56%
    අනුරාධපුර – 65%
    බදුල්ල – 66%
    ත්‍රිකුණාමලය – 67%
    පොළොන්නරුව – 65%
    රත්නපුර – 65%
    ගාල්ල – 64%
    යාපනය – 69%
    හම්බන්තොට – 60%
    මාතලේ – 67%
    කෑගල්ල – 65%
    මොනරාගල – 63%
    මහනුවර – 62%
    කළුතර – 64%

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img