fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආවා කල්ලියේ අය කොළඹට ගෙන්වා පහරදුන් 'ජෝයි අන්නා' කල්ලියේ 2ක් කොටු

    ආවා කල්ලියේ අය කොළඹට ගෙන්වා පහරදුන් ‘ජෝයි අන්නා’ කල්ලියේ 2ක් කොටු

    ටික් ටොක් වීඩියෝවකිිින් ඩුබායිහී මේ වන විට රැඳී සිටින උතුරේ ක්‍රියාත්මක ආවා කල්ලියට එරෙහිව කටයුතු කරන විනෝද් ජෝයි නොහොත් ජෝයි අන්නා නැමැත්තාට අපහාස කිරීමක් මුල්කරගෙන කාන්තාවක් මගින් එම වීඩියෝව සකස් කළ ආවා කල්ලියේ දෙදෙනෙක් කොළඹ ට ගෙන්වාා⁣ගෙන නිරුවත් කර පහර දුන් දෙදෙනකු මට්ටක්කුලිය පොලිසිය පෙරේදා අත්අඩංගුවට ගෙන තිබේ.

    විනෝද් ජෝයි නායකත්වය දරන කල්ලියක්ද මේ වනවිට බිහිවී ඇති බවත් එය එස්.එලකේ ලෙජර් කිලර් ලෙස ක්‍රියාත්මක වන බවත් විමර්ශනවලින් හෙළි වී ඇත . පැහැර ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම කල්ලියේ සාමාජිකයන් දෙදෙනෙකි. තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    අත්අඩංගුවට ගත් එම කල්ලියේ සාමාජිකයන් දෙදෙනා කාලයක් ඩුබායිහි රැඳී සිට පසුගිය ඔක්තෝබර් 09 වැනිදා මෙරටට පැමිණ ඇති බව විමර්ශනවලින් අනාවරණය වී අැත.

    එක් අයෙක් කොටහේනේ පදිංචිකරුවෙක් වන අතර අනිත් සැකකරු පුදුකුඩිඉරිප්පු පදිංචිකරුවෙක් බව පොලිසිය සඳහන් කරයි.

    පැහැර ගැනීමට ලක්වූ ආවා කල්ලියේ සාමාජිකයන් දෙදෙනා ත්‍රිකුණාමලයේ ඊච්චංකුලම සහ තෝපූර්හී පදිංචිකරුවන්ය. ටික් ටොක් නිර්මාණය කර අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ ඊච්චන්කුලමෙි පදිංචිකරු බවද අනාවරණය වී තිබේ.විනෝද් ජෝයි ඩුබායි සිට කාන්තාවක් යොදවා එම පුද්ගලයා සමග සම්බන්ධයක් ඇති කර ගනිමින් එම කාන්තාව මගින් කොළඹට කැඳවා තිබෙන බවද අනාවරණය වී ඇත. එහිදී ඔහු තවත් කල්ලි සාමාජිකයෙක් සමග පැමිණි අවස්ථාවේදී මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි විනෝද් ජොයිගෙ කල්ලිය ඔවුන් දෙදෙනාව පැහැරගෙන ගොස් නිරුවත් කර පහරදී එය වීඩියෝ කරමින් විනෝද් ජොයින් සජීවීව පෙන්වා ඇති බවද විමර්ශන වලින් හෙළි වී තිබේ.

    මට්ටක්කුලිය පොලිසියේ අපරාධ අංශය ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිය පොලිස් වසමේ ජංගම සංචාරයේ නිරතව සිටියදී පෙරේදා රාත්‍රී කාලයේ මට්ටක්කුලියේ සැකකටයුතු ලෙස රැඳී සිටි මෙම සිව් දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගලික ඔත්තුකරුවකින් ලද තොරතුරකට අනුව බව සඳහන්ය. ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ මුදල් ගනුදෙනුවක් මුල්කරගෙන තමන්ට පහර දුන් බව පමණි.ඊට හේතු වී ඇත්තේ ජෝයි අන්න නැමැත්තා විසින් එක්සැකකරුවෙගේ සහෝදරියකු මගින් කර තිබූ තර්ජනයක් මුල්කරගෙනය. එබැවින් ඔවුන් සැබෑව හෙළි නොකර සත්‍ය කරුණු වසං කරගෙන සිට ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    මේ අතර පොලිස් බුද්ධි අංශයක් වන විශේෂ කාර්යාංශයේ ගල්කිස්ස ඒකකයේ ස්ථානාධිපතිවරයාට ඔහුගේ ඔත්තුකරුවකුගෙන් මට්ටක්කුලිය පොලිසි ස්ථානයේ රඳවා සිටින සැකකරුවන් සියලු දෙනා සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබී ඇත. තොරතුරුකරු එම බුද්ධි ස්ථානාධිපතිවරයාට පැහැරගැනීමට මුල් වූ තොරතුරු පවා ලබා දී ඇත. ජෝයි අන්නා නැමැත්තාව ආව කල්ලිය විසින් ඩුබායි හීදී පැහැරගෙන ගොස් රඳවා නිරුවත් කොට පහර දුන් වීඩියෝවක්ද ඇති බවත් ඒ මුල් කරගෙන මෙම ටික්ටොක් වීඩියෝව සකස් කර ඇති බවත් බුද්ධි තොරතුරු ලැබී ඇත. මේ බව විශේෂ කාර්ය අංශය මට්ටක්කුලිය පොලිසිය දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇප මත මුදා හැරීමට නියමිතව සිටි මෙම සැකකරුවන් සිව් දෙනාම නැවත ප්‍රශ්න කිරීමට ලක්ව ඇත. එහිදී සියල්ල හෙළි වී ඇත.

    සැකකරුවන් සිව් දෙනාම වැඩිදුර විමර්ශනය සඳහා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට භාර දීමට නියමිතව තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img