fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්LNG ද්වි-ඉන්ධන ග්ලොවිස් RORO නෞකාව හම්බන්තොට ජාත්‍යන්තර වරායට

    LNG ද්වි-ඉන්ධන ග්ලොවිස් RORO නෞකාව හම්බන්තොට ජාත්‍යන්තර වරායට

    ‘ග්ලොවිස් සෙලීන්’ LNG (ස්වභාවික ද්‍රව වායු) ද්විත්ව ඉන්ධන RORO නෞකාව හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) වෙත සිය මංගල යාත්‍රාව සිදු කරමින්, මෝටර් රථ ඒකක (CEU) 627ක් වරායේ ගොඩබා, තවත් CEU 934ක් පර්සියානු බොක්ක වෙත රැගෙන යාම සඳහා පටවා ගත් බව හම්බන්තොට වරාය බලධාරීන් සඳහන් කරයි.

    මීටර් 200 ක් දිග, මීටර් 38 ක් පළල, මීටර් 8.6 ක පත්ලයක් සහ ගබඩා තට්ටු 12 කින් සමන්විත ග්ලොවිස් සෙලීන් නෞකාවට, CEU 7000 ක් දැරීමේ ශක්තිය ඇත. 2024 සැප්තැම්බරයේ දියත් කරන ලද නෞකාව දකුණු කොරියානු නාවික දැවැන්තයෙකු වන හයිහුන්ඩායි ග්ලොවිස් හි LNG ද්වි-ඉන්ධන ඇණියට එකතු වූ නවතම සමාජිකාවයි. 2023 වසරේදී ලොව විශාලතම RORO නැව් සමාගම් අතරින් තුන් වැන්නා ලෙස ඩේලි ලොජිස්ටික්ස් සඟරාව විසින් ශ්‍රේණිගත කරන ලද හයිහුන්ඩායි ග්ලොවිස් සමාගම, සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන RORO සැපයුම්කරුවෙකු වන අතර, HIP හි ඉහළ පරිමාවන් පවත්වා ගැනීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

    ඉන්ධන කාර්යක්ෂමතාව සහ නවීන සම්පත් කළමනාකරණය, පාරිසරික වගකීම සමග පහසුවෙන් මුසු කරන LNG නෞකා, තිරසාර සමුද්‍රීය මෙහෙයුම් සඳහා වැඩි වැඩියෙන් භාවිත වෙමින් පවතී. අන්තර්ජාතික සමූද්‍රීය සංවිධානයේ (IMO) ගෝලීය සල්ෆර් රෙගුලාසි වැනි ජාත්‍යන්තර පාරිසරික ප්‍රමිතීන්ට අනුකූලව, බොහෝ LNG වාහකයන් දැන් ප්‍රචාලනය සහ අතිරේක බලය යන දෙකම සඳහා LNG ඉන්ධන මත යැපෙයි. මෙම සංක්‍රමණය තුළින් සල්ෆර් ඔක්සයිඩ් (SOx), නයිට්‍රජන් ඔක්සයිඩ් (NOx) සහ අංශු පදාර්ථ (PM) මුදා හැරීම් සැලකිය යුතු ලෙස අවම කරන නිසා, නැව් හිමියන්ට දැඩි පාරිසරික රෙගුලාසි සපුරාලීමට මෙන්ම ගෝලීය කාබන් අවම කිරීමේ ප්‍රයත්නයන්ට සහාය වීමේ අවකාශය ලැබේ. LNG ඉන්ධන නෞකා භාවිතය පුළුල් වීමත් සමග, ඒවා ලොව පුරා තිරසාර හා කාර්යක්ෂම නාවික මෙහෙයුම් සඳහා වඩාත් මූලික වනු ඇත.

    ග්ලොවිස් සෙලීන් නෞකාව HIP සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ජෙබෙල් අලි වරාය වෙත ගමන් අරඹා ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img