මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යධූරය හිමි වූ ආනන්ද විජේපාල මහතා කලක් පොලිස් සේවයේ නිරතව සිටි අයෙක් බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස 1985 වසරේ සිට 1987 දක්වා කාලය තුළ ඔහු පොලිස් සේවයේ නිරතව සිට ඇත්තේ විශ්වවිද්‍යාලය අධ්‍යාපනය ලබමින් සිටියදී බව සඳහන්ය.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකයෙක් ලෙස මේ වන විට කටයුතු කරන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්.එල්. රණවීර මහතා අමාත්‍යවරයාගේ පොලිස් සේවයේ සමකාලීනයකි.