fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ගරාජයක තිබුණු හිස් බැරලයක් පුපුරා උසස් පෙළ සිසුවෙකු මිය යයි

    ගරාජයක තිබුණු හිස් බැරලයක් පුපුරා උසස් පෙළ සිසුවෙකු මිය යයි

    අගුණුකොලපැලැස්සේ පිහිටි මෝටර් රථ අලුත්වැඩියා කරනු ලබන ගරාජයක තිබුණු යකඩ බැරලයක් පුපුරායාමෙන් සිදුවූ අනතුරකින් උසස් පෙළ සිසුවෙක් මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

    මෙම අනතුර සිදුව ඇත්තේ පසුගිය 16 වෙනිදා සවස් කාලයේදී බවත් හම්බන්තොට රෝහලට ඇතුලත් කළ සිසුවා මියගොස් ඇත්තේ ඊයේ (17) අලුයම් කාලයේදී බවත් පොලීසිය කියයි.

    මෙසේ මියගොස් ඇත්තේ අගුණුකොලපැලැස්ස රන්න පාරේ පදිංචිව සිටි බී.ජී.එස්. සිතුමිණ යන උසස් පෙළ සිසුවාය. මෙම සිසුවාගේ නිසයට යාබද ස්ථානයක මෙම මෝටර් රථ අලුත්වැඩියා කිරීමේ ස්ථානය පිහිටා ඇති බව පොලීසිය කියයි.

    සිසුවා ගරාජය වෙත පැමිණ සිටි අවස්ථාවේදී පියන් වසා තිබුණු හිස් බැරලය එකවර පුපුරා ගොස් ඇති බවත් එහිදී විසිවූ තහඩු කැබැල්ලක් සිසුවාට වැදී තුවාල සිදුව ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

    මෙම බැරලය පුපුරායාම අභිරහසක් බවත් රජයේ රස පරීක්ෂකවරයාට පවා ඒ සම්බන්ධයෙන් කරුණු දැනුම්දුන් බවත් පොලීසිය කියයි. පුපුරාගිය බැරලය රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වීමෙන් අනතුරුව පිපුරුමට හේතුව අනාවරණයකර ගැනීමට හැකියාව ඇති බව අගුණුකොලපැලැස්ස පොලීසිය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img