fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කිරීම ගැන උසාවි නියෝගයක්

    ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කිරීම ගැන උසාවි නියෝගයක්

    ආන්දෝලනයට තුඩුදුන් පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

    එම ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින් ඊට සහභාගී වූ සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.

    ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img