මෑත කාලයේ වඩාත් ජනප්රියටපත් යොවුන් නිරූපිකායන් දෙදෙනෙක් වන අනුශ්කි හා කනුශ්කි සහෝදරියන්ගේ මුහුණ යොදාගෙන AI තාක්ෂණයෙන් නිර්මානයකර සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැර ඇති අසභ්‍ය වීඩියෝවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භකර ඇත.
නිවුන් සහෝදරියන් වන මේ අය රියැලටි රූපවාහිනී වැඩසටහනක් ඔස්සේ කලා ක්ෂේත්රයට පැමිණ ජනප්‍රිය තාරකාවන් බවට පත්වූවන්ය.
මේ දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ අද පැමිණිල්ල ඉදිරිපත්කර තිබුණේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතා පැවසුවේ අද ම ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවය.
මෙම වීඩියෝපටය සමාජ මාධ්‍ය වලින් ඉවත් කිරීමට අවශ්‍ය පියවරද මේ වන විට ගනිමින් තිබෙන බවද සඳහන්ය.