රුසියානු දේශසිමාවන් තුල පිහිටි ඉලක්ක වෙත දිගු දුර මිසයිල භාවිතා කරමින් ප්‍රහාර එල්ල කිරීමට යුක්‍රේනය වෙත අවසර දීමට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් අවසර ලබාදීම යුද ගැටුම් උත්සන්න කිරීමට හේතුවනු ඇති බව රුසියානු රජය අවධාරණය කරයි.
ධුරකාලය අවසන්ව ලබන වසර මුලදී ඉවත්ව යෑමට නියමිත ජෝ බයිඩන් විසින් හදිසියේම ඇමරිකා එක්සත් ජනපදය විසින් ලබාදුන් දිගුදුර මිසයිල යොදා ගෙන පහරදීමට යුක්‍රේනයට අවසර දී ඇති බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ මෙම තත්ත්වය මතුව තිබේ.
යුක්‍රේනයට වැඩිම යුධ ආධාර ලබා දෙන්නා බවට පත්ව ඇති ඇමරිකා එක්සත් ජනපදය විසින් මීට පෙර ඔවුන් විසින් ලබා දී තිබූ දිගු දුර මිසයිල යොදා ගෙන රුසියානු දේශසීමාව තුල වූ ඉලක්ක වෙත පහරදීමට අවසර දී නොතිබු අතර එමගින් ගැටුම් උත්සන්න වීම වැලැක්වී අරමුණු මී තිබිණි.
මේ සම්බන්ධයෙන් රුසියානු ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ධුර කාලය අවසන්ව පිටව යන වොෂින්ටන් පාලන විසින් ඇවිලෙන ගින්නට ඉන්ධන දමා තත්ත්වය උත්සන්න කර ඇති බවයි.
රුසියානු දේශසීමාව තුල වූ ඉලක්ක වෙත දිගු දුර අවි භාවිතා කරමින් ප්‍රහාර එල්ල කිරීමට යුක්‍රේනයට ඉඩදීම මගින් අදහස් වන්නේ නේටෝ සංවිධෘනය සෘජුවම මොස්කම් පාලනයට එරෙහි යුධ ප්‍රකාශ කර ඇති බව රුසියානු නායකයා ඉකුත් සැප්තැම්බරයේදී පැහැදිලිව ප්‍රකාශ කළ බවද පෙස්කෙව් මෙහිදී මාධ්‍ය වෙත අවධාරණය කළේය.
කෙසේ වෙතත් ජර්මනිය විසින් පවසා සිටියේ තමන් යුක්‍රේනයට දිගු දුර මිසයිල ලබා නොදීමට ගෙන තිබූ තීරණයේ තවදුරටත් රැදී සිටින බවයි.
ඒ අනුව ජර්මානු රජයේ ප්‍රකාශක සඳහන් කර සිටියේ ජර්මානු චාන්සලර්වරයාගේ තීරණය ඉදිරියටත් නොවෙනස්ව පවතින බවයි.
මේ අතර පසුගියදා තේරේපත් වූ ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසා සිටියේ තමන් රුසියා යුක්‍රේන ගැටුම කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා බවයි.