හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
ප්රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු බදුල්ල පොලිසියට කැඳවූ අවස්ථාවේ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වාර්තා වේ.
පසුගිය දා බදුල්ල නගරයේදී මැතිවරණ ප්රචාරක කටයුත්තක් අතරතුරදී පොලිසිය සමග ඇතිවූ උණුසුම්කාරී සිද්ධියක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා ඔහුව කැඳවා තිබුණි.