දස වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ වෙයි.
පාර්ලිමේන්තු මහලේකම්වරිය සම්ප්රාදායානුකූලව අද පෙරවරුවේ දී මැතිසබයේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතරුව නව කථානායකවරයා තෝරා පත්කර ගැනිණ.
පසුව අගමැතිනිය ඇතුළු මහමැතිවරණයෙන් තේරී පත්වූ සියලුම මන්ත්රීවරුන් මෙහිදී දිවුරුම් දුනි.
අනතුරුව දිවුරුම් දුන් පසුව මන්ත්රී නාමලේඛනයේ අත්සන් තැබීමෙන් අනතුරුව නව කථානායකවරයාට, නව මන්ත්රී මණ්ඩලයට සුබාශිංසන සහ ජනාධිපතිවරයාගේ නිවේදනය ඉදිරිපත් කෙරිණ.
මීළඟට ජනාධිපතිවරයාගේ ප්රතිපත්ති ප්රකාශය පැවැත්වෙන මොහොත වන අද පෙරවරු 11.30 දක්වා මැතිසබය කල්තැබිණ.