යාපනය නල්ලූර් හී පිහිටි නීතීඥවරියගේ නිවසක් හොරු බිඳ රුපියල් මිලියන 150කට අධික රන් භාණ්ඩ හා මුදල් සමඟ යතුරුපැදියක් සොරාගෙන ගොස් ඇත.
මෙම සොරකම ඊයේ (21) උදෑසන 9.00ක් සවස 3.45ත් අතර නීතීඥවරිය නිවසින් බැහැරව සිටියදී සිදුව ඇති බව යාපනය පොලීසිය සඳහන් කරයි.
පවුම් 40කට වැඩි බරකින් යුක්ත රන් භාණ්ඩ, ඕස්ට්‍රේලියානු ඩොලර් 100ක්, කැනේඩියානු ඩොලර් 100ක්, යුරෝ මුදල් 200ක්, ලන්ඩන් බවුම් 100ක් , ශ්‍රී ලංකා රුපියල් 1,440,000ක් සමඟ රුපියල් ලක්ෂ 8ක් වටිනා යතුරු පැදියක් මෙසේ සොරාගෙන ගොස් ඇතැයි නීතීඥවරිය පොලීසියට කර ඇති පැමිණිල්ලෙහි සඳහන්ය.