අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායනයේ අධ්‍යාපනය ලබන සිසුවෙක් ජම්පටා වීදියේ පිහිටි විහාරස්ථානයක වැසිකිලියක් තුළ ගෙල කපාගෙන මියගොස් සිටියදී ඊයේ රාත්‍රී කාලයේදී හමුවූ බව වෙරළබඩ පොලීසිය සඳහන් කරයි.
මෙම සිසුවා අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ විදුලි තාක්ෂණවේදය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබමින් සිටි අයෙකි.
අවුරුදු 25ක් වයසැති මෙම සිසුවා අනුරාධපුර රබෑවේ කේන්දෑව , කොනකුඹුක්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වෙරළබඩ පොලීසිය සඳහන් කළේය.
මෙම සිසුවා මරදානේ පිහිටි පුද්ගලික ආයතනයකින් විදුලි තාක්ෂණවේදය පිළිබද ප්‍රායෝගික පුහුණුව ලැබීමට කොළඹට පැමිණ නවාතැන් ගෙන සිට ඇත්තේ ජම්පටා වීදියේ පිහිටි විහාරස්ථානයක බෝඩ්ම් කාමරයකය.
සිසුවා ඊයේ පුහුණුවෙන් පසු විහාරස්ථානයට පැමිණ මෙම අපරාධය සිදුකරගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.