fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලීසියේ ආරක්ෂාවට සිටි රාළහාමි සූර් වී ජිප් රියේ නිදාගෙන

    පොලීසියේ ආරක්ෂාවට සිටි රාළහාමි සූර් වී ජිප් රියේ නිදාගෙන

    කළුතර දකුණ පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුවේ රාත්‍රී රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙක් බීමතින් පොලිස් ස්ථානයේ නවතා තිබුණු ජිප් රථයකට වී නිදාගෙන සිටියදී පොලිස් ස්ථානාධිපතිවරයට හසුවී තිබේ.

    මෙම පොලිස් කොස්තාපල්වරයා පසුගිය 19 වෙනිදා ඔහුව යොදවා තිබී ඇත්තේ පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුවේ ආරක්ෂක කටයුතු සදහාය.

    වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝගකර ඇත්තේ රාත්‍රී කාලයට ආරක්ෂක රාජකාරියේ යොදවා සිටින නිලධාරීන් නිසි ලෙස රාජකාරි ඉටුකරනවාදැයි හදිසි සෝදිසි කිරීම්කරන ලෙසය. ඒ අනුව කළුතර දකුණ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේසිංහ මහතා සිය පොලිස් වසමේ මාණ්ඩලික සංචාරයක් සඳහා මෙදින පිටව ගොස් නැවත පැමිණෙන විට පොලීසියේ ප්‍රධාන දොරටුවේ ආරක්ෂාවට යොදවා සිටි නිලධාරියා එහි සිට නැති නැත.

    ඒ ගැන සොයා බැලීමේදී පෙනී ගොස් ඇත්තේ ඔහු ජිප් රථයක රියදුරු අසුන මත නිදාගෙන සිටින බවය. ඔහුව ඇහැරවා පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ කෙලින් කටින් ඉන්නට බැරිතරමට බීමතින් ඔහු සිටින බවය.

    මේ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව ඊයේ (21) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමටද පියවර ගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img