විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ සිදු කෙරෙන තෙවැනි සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (23) පෙරවරුවේ නිල ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.
තෙවන සමාලෝචනයට අදාළ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමක් පිළිබඳ කරුණු ද මෙහිදී නිවේදනය කරනු ඇති බවට අපේක්ෂා කෙරේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ තෙවන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා ඊයේ (22) සාර්ථකව අවසන් වූ බව ශ්‍රී ලංකා රජය තහවුරු කළේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම රැස්වීමට ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්ගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් නියෝජිත පිරිසක් සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පැවසීය.