fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආණ්ඩුවේ ඉලක්ක වෙනුවෙන් වාහන ආනයනය ගැන ලොකු බලාපොරොත්තුවක්

    ආණ්ඩුවේ ඉලක්ක වෙනුවෙන් වාහන ආනයනය ගැන ලොකු බලාපොරොත්තුවක්

    ආණ්ඩුවට ලබන වසර සඳහා ඇති මූල්‍ය ඉලක්ක ඉටුකර ගැනීමට වාහන ආනයනය “ඉතා හොඳ ආදායම් මාර්ගයක්” බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) පවසයි.

    IMF ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සඳහන් කළේ වාහන ආනයනය සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කිරීම පිළිබඳව මෙම සමාලෝචනයේදී මෙන්ම මීට පෙරද සාකච්ඡා කර ඇති බවයි.

    “වාහන ආනයනය සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කිරීම ඉදිරි වසර තුළ රජයට ඉතා හොඳ ආදායම් මාර්ගයක් විය හැකි බව අපි දැන සිටියෙමු. එය රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට ඇති දුර්ලභ අවස්ථාවන්ගෙන් එකකි,” ඔහු පැවසීය.

    කෙසේ වෙතත්, රටේ විදේශ විනිමය සංචිතවලට අනවශ්‍ය පීඩනයක් එල්ල වීම වැළැක්වීම සඳහා මෙය විචක්ෂණශීලීව කළමනාකරණය කළ යුතු බව IMF අවධාරණය කළේය.

    2025 දී ශ්‍රී ලංකාව රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.1 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. රජයේ ගොවිපළවල් බොහෝ ගණනක් වැසීගොස් ඇත.ඒ අතර සත්ව ගොවිපල ගණනාවක්ද ඇත.මේවා රජයේ මට්ටමෙන් කරගෙනයෑම අපහසුනම් පවුත්ගලික මට්ටමෙන්වත් ආරම්භ කිරීමෙන් ,රැකියා ප්‍රශ්නය මෙන්ම නිශ්පාධන ආර්ථිකයද දියුනු කලහැකිය. කෘෂිකර්ම උපාධි සහ ඩිප්ලෝමාධාරීන් විශාල ප්‍රමානයක්ක් රැකියා නොමැතිව සිටිනබවද සටහන් තබමු. 0766678708.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img