fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්මත්කුඩු සැපයුම් ජාලය බිඳ දමන්න පොලීසිය ව ැඩ අරඹයි - කුඩු බොන...

    මත්කුඩු සැපයුම් ජාලය බිඳ දමන්න පොලීසිය ව ැඩ අරඹයි – කුඩු බොන අය අල්ලලා වැඩක් නැති බව වැ. බ. පොලිස්පති කියයි

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මෙහෙයුම් වැඩිකර ඇති බවත් එම මෙහෙයුම්වල ඉලක්කය බවට පත්ව ඇත්තේ මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය හදුනාගෙන එම සැපයුම් ජාලය බිද දැමීම බව වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කරයි.

    මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය බිඳ දැමීම සඳහා කෙරෙන මෙහෙයුම්මක ප්‍රතිඵලයක් මෑතකදී දකින්නට ලැබුණු බවත් මෑත ඉතිහාසයේ ගොඩබිම් මෙහෙයුමකදී වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් එහිදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් වැඩ බලන පොලිස්පතිවරයා පැවසුවේය. මෑතකදී මාලදිවයිනෙන් ද දකින්නට ලැබුණේ එවැන්නක් බවද ඔහු කීය.

    මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අත්අඩංගුවට ගැනීම තුළින් මත්ද්‍රව්‍ය නතරකිරීමට නොහැකි බව තරයේ විශ්වාසකරන බවත් කළ යුතු වන්නේ සැපයුම නතර කිරීම බවත් වැඩ බලන පොලිස්පතිවරයා අවධාරණය කළේය.

    “එම සැපයුම නතරකිරීමට අවශ්‍ය කටයුතු තමයි දැන් අපි කරගෙන යන්නේ “ යැයිද වැඩ බලන පොලිස්පතිවරයා කීය.

    මත්කුඩු ජාලය ගැන මෙන්ම ප්‍රාදේශීය වශයෙන් බෙදා හරින ජාලය සම්බන්ධයෙන් දන්නා තොරතුරු 1997 කෙටි දුරකථන අංකය ඔස්සේ ලබාදීමට මහජනතාවට හැකියාවක් ඇති බවද වැඩ බලන පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img